E Money තුලින් ඔබත් පොහොසතෙක් වෙන්න.ඔබ පටන් ගත් මොහොතේ සිට සියලු දේ කියාදීමට අප සූදානම්. ඒ ගැන උනන්දුවක්, ආශාවක් ඇත්නම් පහතින් අප සමග මුහුණු පොතෙන් සම්බන්ද වන්න. https://www.facebook.com/profile.php?id=100010277261789

Blogger පාඩම - 2

හරි අපි අද කතාකරන්න හදන්නේ Blog එකට Gadget එකක්, ඒ කියන්නේ විශේෂාංග එකතු කරන විදිය ගැනයි. 

ඉස්සෙල්ලම කියන්න ඕනි මේ පල්ලෙහයින් දාල තියන ෆොටෝ පැහදිලි නැත්නම් ඒ ෆොටො එක උඩClick කරන්න. එතකොට ඒ ෆොටෝ එකේ ලොකු preview එකක් බලාගන්න පුලුවන්.

ඉස්සෙල්ලම ඔයාල Blogger Control panel එකට ගිහින් එතනින් ඉස්සෙල්ලම Templateකියන Tab එකට යන්න. 

එතකොට එන ඵගෙ එකෙන් Customize කියන එක Click කරන්න. 


 එතකොට එන Page එකෙන් ඔයාලට Template එක සහ Blog එකේ පසුබිම පිලිබද වෙනස්කම් කරන්න පුලුවන්. අපි ඉස්සෙල්ලම මේ පාඩමට අදාල වෙන Layout කියන කොටස ගැන සලකා බලමු. 


මෙතනින් ඔයාලට ඔයාලගෙ Blog එකේ තියන Columns ගාන වෙනස් කරගන්න පුලුවන්. ඒ වගේම Blog එකතුල විශේෂාන්ග පිහිටවන පිලිවෙලත් ඔයාලට මෙතනින් වෙනස් කරන්න පුලුවන්. මෙතනින් කැමති Layout එකක් තෝරලා දීලා ඒකෙ Preview එක යට තියන Window එකෙන් බලාගන්නත් පුලුවන්, ඔයාල කැමති Layout එකක් තෝරලා දීලා Apply to blog කියන එක Click කෙරුවම ඒක Blog එකට එකතුවෙනවා. 

දැන් Layout එකකුත් තෝරගත්තනෙ. දැන් අපි Gadget වලින් වැඩ ගන්න හැටි බලමු. ඉස්සෙල්ලාම ආයිත් අපිට Blogger Control Panel එකට එන්න වෙනවා. ඇවිත් Layout කියන tab එක click කරන්න. 



එතකොට ඔයාල කලින් තෝරගත්ත Layout එක මෙතන පෙන්නනවා. අපි දැන් මේ Layout එකට Gadgets එකතු කරමු. ඉස්සෙල්ලම ඔයාල Layout එකේ කැමති තැනක තියන Add a Gadget කියන Link එක Click කරන්න. එතකොට Popup window එකක් Open වෙලා, Gadgets ටික ඔයාලට පෙන්නනවා. 


මෙතන තියන ඕනිම gadget එකක් ඔයාලට දැන blog එකට එකතු කරන්න පුලුවන්. අපි වැඩිපුරම වැදගත්වෙන Gadgets කිහිපයක් ගැන බලමු. 

1.අකුරු සහිත කොටසක් එකතු කිරීම. 

මේ සදහා මේ පල්ලෙහයින් දක්වලා තියන Text කියන Gadget එක පාවිච්චි කරනවා.  


ඒකෙ තියන + සලකුන Click කෙරුවාම පල්ලෙහා තියන විදියෙ page එකක් එනවා. 


එතන ඔයාලගෙ Text එකයි ඒකෙ Title එකයි දීලා Save Click කරන්න. එතකොට ඒ Gadget එක Blog එක සදහා Save වෙනවා. ඊටපස්සෙ View Blog හරහා ගිහින් ඔයාලගෙ Blog එකේ Preview එකක් බැලුවොත් මේ වගේ පෙනෙවි. 

2. පින්තූරයක් එකතු කිරීම. 

මේ සදහා Image කියන Gadget එක පාවිච්චි කරන්න පුලුවන්. ඒ Gadget එකේ තියන + ලකුණ Click කිරීම මගින් එම Gadget එක Blog එකට එකතු කරගන්න පුලුවන්.  

එතකොට මේ වගෙ Page එකක් බලාගන්න පුලුවන්. 




මෙතන Title කියන තැනට ඔයාලගෙ Photo එකට නමක් දෙන්න පුලුවන්. Caption කියන තැනින් Photo එකට හැදින්වීමක් දෙන්න පුලුවන්. Link කියන තැනින් Image එක Click කෙරුවාම Webpage එකකට යොමුවෙන විදියට ඒ webpage එකේ Link එක ලබාදෙන්න පුලුවන්. Image කියන තැනින් ඔයාලට Computer එකේ තියන Image එකක් Browse කරලා දෙන්න පුලුවන්. නැත්නම් අන්තර්ජාලයේ තියන image එකක වෙබ් ලිපිනය හරහා එම image එක ඇතුලත් කරන්නත් පුලුවන්. ඒ ඔක්කොම හරියටම කෙරුවනම් දැන් Save දෙන්න. එතකොට ඒ Gadget එක ඔයාලගෙ Blog එකට ඇතුලත් වෙනවා. 

එතකොට ඒක Blog එක තුල මේවගේ බලන්න පුලුවන්. 

2. HTML හෝ Javascript කේත යෙදීම. 

මේ සදහා යොදාගන්නෙ HTML/Javascript කියන Gadget එක..  


මේකෙන් ගොඩක් වැඩ කරගන්න පුලුවන්. ඒක ගැන මම පස්සෙ පාඩමකින් කියලා දෙන්නම්කෝ. 

3. Link  list එකක් ඇතුලත් කිරීම. 

මේ සදහා Link List කියන gadget එක යොදාගන්නවා.  

මේකෙත් + ලකුණ Click කෙරුවාම මේ වගේ Page එකක් පෙන්නනවා. 


මෙතනත් Title එකක් එහෙම ඇතුලත් කරලා, New Site URL කියන තැනට ඔයාලගෙ Link එක ඇතුලත් කරලා New Site Name කියන තැනට ඒ Link එක Blog එක මත් පෙන්නන්න name එකක් දෙන්න. ඊටපස්සෙ Add Link Click කරන්න. 


එතනට ඔයාලට කැමති ගානක් Link ඇතුලත් කරලා Save click කරන්න. 

එතකොට Link List එක මේ වගේ Blog එක මත බලාගන්න පුලුවන්. 

තව දෙයක් කියන්න් ඕනි මම මේ ඔයාලට ඉදිරිපත් කෙරුවෙ ගොඩාකම් වැදගත් වෙන Gadgets විතරයි, තව එක එක විදියෙ Gadgets ඔයලට Blogger Gadgets වලින් නොමිලේම ලබාගන්න පුලුවන්. ඔයාලත් ඒව ටිකක් try කරලා බලන්නකෝ. 


ගැටළුවක් ආවොත් මුහුණු පොතෙන් මාව සම්බන්ද කරගන්න- https://www.facebook.com/profile.php?id=100010277261789

No comments:

Post a Comment